Archive for 2013
දුරකතනයේ ප්‍රොසෙසරය කෙසේ විය යුතුද?
අතීතයේ ජංගම දුරකථන අතර ප්‍රබලයා වූයේ නොකියා සමාගම බව අවිවාදයකි.නමුත් දැන් එය එසේමදැයි යන්න සැකයක් ඇතිකරන කරුණකි.දුරකථන රාජධානියේ බලය නොකියා තුලින් ඉවත් කරන්නට මුලින්ම සාර්ථකව පිඹුරුපත් සැකසුවේ ලෝ ප්‍රකට ඇපල් සමාගමයි.නමුත් මේ ඒ පිළිබඳව සටහනක් නොවේ.ඇපල් ස්මාට් ෆෝන් සංකල්පය නිසා එතෙක් තිබු නොකියා බල තල කෙමෙන් කෙමෙන් අඩු කරන්නට සමත් විය.එසේ එම තත්වය තිබියදී ලොව ප්‍රකට සමාගම් කිහිපයක් එකතුව තැනු android මෙහෙයුම නිසා ජංගම දුරකත නිෂ්පාදන සමාගම් වලට හොඳ අවස්ථාවක් ලැබුණි.මේ නිසා ඉතා ඉහල වේගයක්,තාක්ෂණයක් සහිත දුරකථන නිෂ්පාදනය විය.එහිදී දුරකතනයේ ප්‍රොසෙසරය පිලිබඳ අවධානය වැඩි විය. එතෙක් පරිඝණක වලට පමණක් සිමා වූ dual core,qard core ප්‍රොසෙසර් සමහර දුරකතන මාදිලි හා සම්බන්ධ වීම නිසා පාරිබෝගිකයින් ඒ කරා ඇදෙන්නට විය.නමුත් දුරකථන නිෂ්පාදනයේ ඉහල ඉතිහාසයක් ඇති නොකියා සමාගම හෝ විශිෂ්ඨ නිර්මාණ හදුන්වා දුන් ඇපල් සමාගම හෝ මේ ආකාරයේ අධි වේගවත් ප්‍රොසෙසර ජංගම දුරකතනයකට යෙදීමට ඉක්මන් වුයේ නැත.වැඩි වශයෙන් ඔවුන් භාවිතා කලේ dual core ප්‍රොසෙසර්ය.
මදක් සිතා බැලීමේදී පෙනී යන්නේ එය නිවැරදි තීරණයක් බවයි.සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක සිදුකරන ක්‍රියාවන්ට උපරිම ලෙස dual core ප්‍රොසෙසරයක් සෑහෙන බව පෙනෙයි.එසේ තිබියදී අධි වේගවත් ප්‍රොසෙසර භාවිතයෙන් සිදු වන්නේ දුරකතනයේ බැටරි ආයු කාලය කෙටි වීමයි.එසේ වීමෙන් සංකීර්ණ ක්‍රියාවලි නොව දුරකතනයක මුලික ප්‍රයෝජනයවත් ලබාගැනීමට බාධා ඇතිවේ.
අනෙක් කරුණ නම් අධි වේගවත් ප්‍රොසෙසර ක්‍රියා කිරීමේදී රත් වීම් ඇතිවෙයි.එමගින්ද ශක්ති හානියක් සේම දුරකථනය රත් වීමක් ඇතිවේ.එසේ නොවන බව කෙනෙක්ට කිව හැකි නමුත්,දුරකතනයේ භාහිරයට නොදැනෙන රත්වීම දුරකතනයේ අභ්‍යන්තර සියුම් කොටස් වලට හානිකර විය හැකියි.දුරකතනයේ ඒවාට පිළියම් යෙදී තිබුනද,මිලදී ගත් සැනෙක නැවත විකුණන්නට යොදා ඇති එම දුරකථන ප්‍රමාණය දුටු විට ඒ ගැන නැවත සිතා බලන්නට සිදු වේ.එහෙත් නොකියා හෝ ඇපල් දුරකතනයක් එසේ විකිණීමක් සිදු වන්නේ බොහෝ කලාතුරකිනි.එසේ සිදු වුවත් එයට හේතුව වන්නේ මෙහෙයුම් පද්දතියේ දෝෂයන්ය.ඒ ගැන වෙනම සඳහන් කල යුතුය.
අධි වේගී ප්‍රොසෙසර් සහිත දුරකථන නිෂ්පාදනයට ඉඩකඩ තිබියදී එසේ නොකරන්නේ යම් කිසි හේතු නිසා බව මතක තබාගත යුතුය.කිසි දිනක ඇපල්, නොකියා හෝ බ්ලැක්බෙරි වැනි සමාගම් රැල්ල නිසා තම නිෂ්පාදන අවධානමක නොතැබුවෝ වෙති.දුරකථන නිෂ්පාදනයේ එතරම් දස්කම් නොදැක්වූ සැම්සුන්ග් වැනි සමාගම් සිදු කරන්නේ තම අලෙවිය වැඩි කරගැනීමට පාරිභෝගිකයා බිල්ලට දීමක් යැයි සිතේ.අධි වේගයට රවටෙන්නවුන් අමතර ශක්තියක් භාවිත කර අධි වේගී දුරකතනයන්ගෙන් කරන ක්‍රියා තවත් සමහරෙකු අඩු පාඩු රහිතව ශක්ති හානියකින් තොරව කරගනී.එමෙන්ම එම දුරකථන වල පැවැත්මද ඉතා දිගුය.
එනිසා තමන්ට දුරකතනයක් තෝරා ගැනීමේදී රැල්ලට හසු නොවී,අවම ශක්ති හානියකින් වේගවත්ව කටයුතු කරන,කල්පවත්මක් ඇති,විශ්වාසවන්ත නිෂ්පාදනයක් තෝරා ගන්න.
Powered by Blogger.
